දිගු කාලයක ් තිස්සේ යාපනයේ ජනතාව මුහුණපාන පානීය ජල ගැටලූවට විසඳුමක් ලෙස මුහ ුදු ජල නිර්ලවණ කරන පවිත‍්‍රාගාරය 2024 අගො ්ස්තු මස 02 දින ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි.
තැනිතලා ප‍්‍රදේශයක ජීවත් වන යාපනයේ ජනතාව මූලිකවම පානීය ජල සම්පාදනය සඳහා භූගත ජලය භාවිත කරයි. කෙසේ නමුදු පසුගිය කාලය තුළ සීමාව ඉක්මවා ජලය පොම්ප
කිරීම , කෘෂි රසායන භාවිතය හා සනීපාරක ්ෂක පහසුකම් අවම වීම යන හේතු මත යාපනයේ ජලයේ ගුණාත්මකභාවය ප ිරිහ ීමට ළක ්ව ඇත.
ජල සම්පාදන මණ්ඩලයේ 45% ක් වන ජල ආවරණය හා සැසඳීමේදී මේ වන විට යාපනය දිස්ත‍්‍රික්කයේ ජල සම්පාදන මණ්ඩලය තුළින් කෙරෙන ජල ආවරණය 3.2% ක් වැනි අවම
අගයක ් වන අතර දෛනිකව පැයක ජල සැපයුමක් සාමාන්‍යයෙන් ලබා දීම සිදු කරයි.ඉහත කරුණු සැලකීමේදී යාපනය ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය සැපයීම සඳහා
තෛලයාඩි මුහ ුදු ජල නිර්ලවණ කරන පවිත‍්‍රාගාරය යාපනය ජනතාවට විශාල අස්වැසිල්ලක් වනු ඇත.
යාපනය - කිලිනොච්චි ජල සම්පාදන සහ සනීපාරක්ෂක ව්‍යාපෘතිය.
ආසියානු සංවර්ධන බැංකුවේ ADB මූල්‍ය ආධාර හා ප‍්‍රංශ සංවර්ධන නියො ්ජ ිතායතනයේ
ADB ආධාර මත ශ‍්‍රී ලංකා රජයේ ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය හා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් යාපනය කිලිනොච්චි ජල සම්පාදන හා සනීපාරක ්ෂක ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කරන ලද අතර එහි මූලික අරම ුණ වූයේ යාපනය හා කිලිනොච්චිය දිස්ත‍්‍රික්කවල වෙසෙන ලක්ෂ 3කට අධික ජනතාවට දෛනික පැය 24 පුරා සෞඛ්‍යාරක්ෂ ිත පානීය ජලය සැපයීමයි.
මෙම ව්‍යාපෘතියේ සම්පූර්ණ වියදම ඇ.ඩො.මිලියන 266 කි. මේ යටතේ ඉරණමඩු ජලාශය නවීකරණය කොට පුනරුත්තාපනය කිරීම , තාෙලෙයඩි නිර්ලවණ කරන පවිත‍්‍රාගාරයේ ඉදිකිරීම , ජල කුළුණු 20ක් පමණ ඉදි කිරීම , කි.මී. 195ක සම්පේ‍්‍රෂණ නළ මාර්ගයක ් ඉඳි කිරීම , කි.මී. 700ක බෙදා හැරීමේ නළ පද්ධතියක් ස්ථාපනය කිරීම , යාන්ත‍්‍රික හා විද්‍යුත් නවීන උපාංග පද්්ධතියක් සවි කිරීම යන කටයුතු ප‍්‍රම ුඛ වේ.
යාපනය - කිලිනොච්චි ජල සම්පාදන ව්‍යාපෘතියේ ප‍්‍රධාන සන්ධිස්ථානයන්
2005/2006 වසරවලදී සිදු කරන ලද ශක්‍යතා අධ්‍යනයේදී විස්තීර්ණ ජල විසඳුම් අවශ්‍ය බව පැහැදිලි විය. එමෙන්ම 2007 සැප්තැම්බර් මාසයේදී ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පළාත් සභාව සහ ඉරණමඩු ගොවීන් අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදී.
ඒ අනුව කෘෂ ිකර්මාන්තය සහ පානීය ජල සම්පාදනය සඳහා ඉරණමඩු ජලාශය වැඩි දියුණු කිරීමට වසර 2008/2009 වලදී අරම ුදල් වෙන් කරන ලදී. 2010 දී සිදු කරන ලද ශක්‍යතා අධ්‍යනයන්ට අනුව කෘෂ ිකර්මාන්තය සහ පානීය ජලය සඳහා එම ජල ධාරිතාව ප‍්‍රමාණවත් බව සහතික කරන ලදී. වසර 2011 පෙබරවාරි මාසයේදී ආසියානු සංවර්ධන බැංකුව සහ ප‍්‍රංශ සංවර්ධන නියො ්ජ ිතායතනය මුදල් ආධාර ලබා දීම සඳහා එක`ගවූවත් 2013 වර්ෂය වන විට ගොවීන් විසින් පානීය ජල අවශ්‍යතාවය වෙනුවෙන් ජලය වෙන් කිරීම ප‍්‍රතික ්ෂේප කළො ්ය.
2014 වසරේදී උතුරු පළාත් සභාව විසින් ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීම සඳහා සංරචක 03ක් යටතේ ව්‍යාපෘති යො ්ජනා කැඳවන ලදී. එනම් ,
1.ඉරණමඩු ජලාශය නැවත ප‍්‍රතිසංස්කරණය කිරීම
2.යාපනය - කිලිනොච්චි දිස්ත‍්‍රික්ක සඳහා පානීය ජල සම්පාදනය
3.යාපනය නගරය සඳහා සනීපාරක ්ෂක ව්‍යාපෘතියක ් සැලසුම් කිරීම .
කෙසේ නමුදු ගොවීන්ගේ විරෝධතා මධ්‍යයේ ප‍්‍රංශ සංවර්ධන නියො ්ජ ිතායතනය (ADB විසින් යුරෝ මිලියන 35ක ණය ආධාර මුදල ඉවත් කර ගන්නා ලද අතර ආසියානු සංවර්ධන බැංකුව යාපනය නගර සනීපාරක ්ෂක ව්‍යාපෘතිය සඳහා මුදල් වෙන් කිරීම අත්හ ිටුවීමට තීරණය කරන ලදී. පසුව භූගත ජල භාවිතය වැඩි කිරීම , කෙටි කාලීන ලවණ ඉවත් කිරීම සහ දිගු කාලීන යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා සංකල්ප පත‍්‍රිකාව වැඩි දියුණු කරන ලද අතර වැඩිදුරටත් සිදු කරන ලද තක්සේරු වලට අනුව මුහ ුදු ජලයේ ලවණ ඉවත ් කිරීම යාපනයේ ජල හ ි`ගයට විකල්ප විසඳුමක් ලෙස හදුනා ගන්නා ලදී.
ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍යාධාර ලබා දීමේ එක`ගතාවය සම`ග වසර 2015 දී මුදල් අමාත්‍යාංශය සහ විදේශ සම්පත් දෙපාර්තුමේන්තුව විසින් ලවණ ඉවත් කිරීමේ ක‍්‍රියාමාර්ග සඳහා වන විකල්පයට කැබිනට් අනුමැතිය ලබා දුන්නේය.
වසර 2017 දී ආසියානු සංවර්ධන බැංකුව නිර්ලවණ ඉවත් කිරීමේ පවිත‍්‍රාගාරය ඉදිකිරීමට සහ නඩත්තුවට අවශ්‍ය අරමුදල් සඳහා ගිවිසුම් අත්සන් කරන ලදී.
2021 වර්ෂයේ දී ලවණ ඉවත් කිරීමේ පවිත‍්‍රාගාරය සැලසුම් කිරීම , ඉඳික ිරීම , ක‍්‍රියාත්මක කිරීම හා පවත්වාගෙන යාම සඳහා ීඹෑ’ ආයතනයට ලබාදීම සඳහා පෙබරවාරි මාසයේදී
ගිවිසුම් අත්සන් කරන ලදී. ඒ අනුව වර්ෂ 2024 දී පවිත‍්‍රාගාරය සම්පූර්ණ කොට ක‍්‍රියාත්මක තත්ත්වයට පත් කරන ලදී.
තාලෙයඩි මුහුදු ජල නිර්ලවණ කරන පවිත‍්‍රාගාරය
අඩු මුහ ුදු ලවණතාවයක ් ඇති , තාෙලෙයඩිවල පිහ ිටා ඇති මෙම පවිත‍්‍රාගාරය මුහ ුදු ජලය සෞඛ්‍යාරක්ෂ ිත පානීය ජලය බවට පරිවර්තනය කළ හැකි ප‍්‍රතිආශ‍්‍රෘතිකරණ (ADB තාක ්ෂණයක ් භාවිතා කරනු ලබයි. ඵලදායී කාර්යක්ෂමතාවයක ් සහතික කරමින් විද්‍යුත ් මෙහෙයුම් , රසායනික හා පරිපාලනමය ක‍්‍රමවේද භාවිත කරමින් පානීය ජල ප‍්‍රමිතීන්ට අනුගත වෙමින් මෙම නිර්ලවණ කරන ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වේ.
සාමාන්‍ය ජල පවිත‍්‍රාගාරයක එක් ජල ඒකකයක ් සඳහා නිෂ ්පාදන වියදම රු. 40ක ් වන විටදී මෙම නිර්ලවණ කරන පවිත‍්‍රාගාරයේ එක් ඒකකයක නිෂ ්පාදන වියදම රු. 160 ක් වැනි ඉහළ අගයක ් ගනී. එමෙන්ම මෙම නිර්ලවණ කරන ජල පවිත‍්‍රාගාරය ඉදි කිරීම සඳහා ඇ.ඩො.මිලියන 55ක වියදමක ් දැරීමට සිදුව ඇත.
සමාජ හා පාරිසරික ආරක්ෂණය
තෛලයාඩි මුහ ුදු ජල නිර්ලවණ කරණ පවිත‍්‍රාගාරය පාර්ශවකරුවන්ගේ සහභාග ිත්වයෙන් කරන ලද අධ්‍යනයන්හි ප‍්‍රථිඵලයක ් ලෙස සමාජ හා පාරිසරික ආරක්ෂාව පිළිබඳ දැඩි සැලකිල්ලක් දක්වා ඇත. ඒ අනුව අධි සාන්ද්‍රණ තත්ත්වයේ ඇති ලවණ ඉවත් කිරීමේදී පරිසරයට සිදුවන හානිය අවම කිරීම සඳහා වෙරළට මීටර් 500ක් ඈතින් භූගත ජල මාර්ගයක් එළා ඇත. මෙහිදී ප‍්‍රජාවගේ සෞඛ්‍ය හා පරිසර ආරක්ෂාව පිළිබඳ සැළක ිලිමත් වෙමින් එහි බලපෑම් අවම වන ලෙස ප ්‍රජා සහභාග ිත්වය තුළ ින් තීරණ ගැනීම සිදු විය. නිර්ලවණ කරන පවිත‍්‍රාගාරය ස්ථාප ිත ප‍්‍රදේශයට අනුව භූගත නළ මාර්ගය නිසා ධීවර කර්මාන්තයට සිදුවන හානිය අවම කරන අතර පවිත‍්‍රීකරණය වන අධි සාන්ද්‍රණ ලවණ මුදා හැරීම මත්ස්‍යය ජනගහනය වර්ධනය වීමට හේතු වේ. ජාත්‍යන්තර නිර්දේශයන්ට අනුව ධීවර කර්මාන්තය සඳහා මෙය ධනාත්මක බලපෑමක් ඇති කරයි.
තෛලයාඩි මුහ ුදු ජලය පවිත‍්‍රීකරණ ව්‍යාපෘතිය සංවර්ධනය කිරීමේදී විසඳුම් ක‍්‍රමෝපායන යො ්ජනා සඳහා පාර්ශවකරුවන් සම`ග නිරන්තර සාකච්ඡුා කළ අතර ඒ අනුව මුහ ුණ දුන ් අභියෝගයන්ට නිසි ප ිළිතුරු සොයා ගැනීමට මෙම ව්‍යාපෘතිය ලැබූ සුවිශේෂී ජයග‍්‍රහණයක ි.
ප‍්‍රජාවට හිමිවන ප‍්‍රතිලාභ
මෙම ව්‍යාපෘතිය ම`ගින් ප‍්‍රජාවට සිදුවන ප‍්‍රතිලාභ පිළිබඳ සැළක ීමේදී විශේෂයෙන්ම ප‍්‍රජාවගේ සෞඛ්‍ය සම්පන්න බව වැඩිදියුණු කිරීමට ආරක්ෂ ිතව ජලය නොකඩවා වියළ ි කාලයේදී පවා ලබා දීමට හැකිවන අතර සතියේ දින 07ම පැය 24 පුරා නිරන්තරව ලබාදීමට හැකියාව ලැබේ. මෙය යාපනය ප‍්‍රදේශයේ කෘෂ ිකාර්මික සංවර්ධනයට මෙන්ම සංචාරක ව්‍යාපාරයට
හා ඖෂධ නිශ්පාදන ක‍්‍රියාවලියට මහත් ප ිටිවහලක් වේ.
අනාගත සැලස ුම්
ව්‍යාපෘතියේ තිරසාරභාවය සහ වියදම අඩු කිරීම උදෙසා නිර්ලවණ කරන ව්‍යාපෘතියට විදුලිය සැපයීමට සූර්ය බල විදුලි පද්ධතියක් ස්ථාපිත කිරීමට සැලසුම් කොට ඇත. මෙය ව්‍යාපෘතියේ තිරසාරභාවයට බෙහෙවින් උපකාර වනු ඇත. එමෙන්ම යාපනය ප‍්‍රදේශ සඳහා විකල්ප පානීය ජල සංවර්ධන ව්‍යාපෘතියක ් ලෙස පාලි ආරු ජලාශය ඉදි කිරීමට සැලසුම් කොට ඇති අතර එය යාපනය දිස්ත‍්‍රික්කයේ පානීය ජල ගැටලූට තිරසාර විසඳුමක් ලබා දෙනු ඇත.
ස්තූතිය
මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට සහයො ්ගය ලබාදුන් සියලූම පාර්ශවකරුවන් හා හවුල්කරුවන් වෙත ශ‍්‍රී ලංකා රජයේ ස්තූතිය පිරි නමන අතර තාෙලෙයඩි ප‍්‍රජාව දුෂ්කරතා මධ්‍යයේ දැක්වූ සහයො ්ගයට සහ මෙම වැදගත් අවස්ථාවට අප හා එක්වීම පිළිබඳ කෘතඥ වෙමි.
ලේකම් - ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය
0 Comments