හවස් යාමේ කට්ටියත් එක්ක අනුර කුමාර කොහෙද මේ එකවරම ගියේ?.


ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා අද (16) පස්වරුවේ  මහනුවර මල්වතු මහා විහාරයට ගොස් තිබෙනවා.

ඒ සියම් මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ මහ නායක පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමිපාණන් වහන්සේ සහ මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමිපාණන් වහන්සේ හමුවීමට වේ.

එහිදී මේ වන විට රට තුළ පවතින දේශපාලන තත්වය පිළිබඳව උන්වහන්සේ ඇතුළු මහා සංඝරත්නය සමග සාකච්ඡා කර තිබෙනවා.

එමෙන්ම, ඒ මහතා එළඹෙන ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන්ද ආශීර්වාද ලබාගෙන ඇත.

කෙසේ වෙතත්, මෙම අවස්ථාව සඳහා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ලාල් කාන්ත මහතා ද එක්ව තිබෙනවා. 





තවත් පුවත් : 


Post a Comment

0 Comments